හොර පාරෙන් Zoo එකට ගිය අයෙක් කොටියෙකුගේ ගොදුරකට හසුවෙයි (සංවේදී දර්ශන සහිතයි)

හොර පාරෙන් Zoo එකට ගිය අයෙක් කොටියෙකුගේ ගොදුරකට හසුවෙයි (සංවේදී දර්ශන සහිතයි)

0 19422

නැගෙනහිර චීනයේ නින්බෝ නගරයේ පිහිටි සත්වෝද්‍යානයට ප්‍රවේශපත්‍ර නොගෙන තාප්පයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු නොදැනුවත්ව කොටි ලෙනට වැටීමෙන් කොටින් සපා කා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ වාර්තා වූ මෙම සිද්ධියේදී ඔහුගේ බිරිඳ සහ දරුවා ප්‍රවේශපත්‍ර ලබාගෙන සත්ත්වෝද්‍යානයට ඇතුළු වී සිටි බව සඳහන්.

කොටින්ගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පසුව එම පුද්ගලයා සපා කෑ කොටියා සත්ත්වෝද්‍යාන රැකවලුන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම පියවර බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

NO COMMENTS

Leave a Reply

one + nine =