Game of Thrones පැරදවූ Westworld

Game of Thrones පැරදවූ Westworld

0 1071

ලොව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ Game of Thrones කතා මාලාව මේ වන විටත් ක්‍රමයෙන් එහි අවසානයට ළඟා වෙමින් පවතී එහි අඩුව පිරවීමට HBO නාලිකාව කුමක් කරත්දැයි බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් පැවතුණි. නමුත් මේ වනවිටත් ඒ සඳහා පිළිතුරක් ලැබී අවසන්ය.
බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටි Westworld ටෙලි කතා මාලාව පසුගිය ඔක්තෝබර් 2 වනදා විකාශය ආරම්භ කළේ මිලියන 3.3 කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කර ගනිමිනි. මෙය HBO නාලිකාවේ මාලා නාටකයක එතෙක් මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු ආරම්භක කොටස බවට පත්වුයේ මීට පෙර True Detective (2.33 million), Vinyl (1.4 million) සහ Game of Thrones (2.2 million) තබා තිබු වාර්තාවන් අබිබවමිනි.

ඉතා ඉහළ පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙම කතා මාලාවේ මුල් කොටස සඳහා පමණක් ඩොලර් මිලියන 25ක් වැයවි ඇත. කොටස් 10ක් අඩංගු සමස්ත පළමු කතා සමය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 100ක් පමණ වැයවී ඇතැයි වාර්තා වේ.

1973දී මයිකල් ක්‍රිච්ටන් විසින් තිර රචනා කළ එනමින්ම යුතු චිත්‍රපටයක් ඇසුරෙන් නිමවූ Westworld කතා මාලාව මේ වනවිට IMDb දර්ශකයේ 9.2 ක අගයක් ලබාගැනීමට සමත්වී තිබේ.

dsc csxdc

fef fcedc dsc

 

NO COMMENTS

Leave a Reply

16 − four =