ගාල්ල වලහන්දුව ජනාධිපති බාලිකා විද්‍යාලය | රේඩියෝ බලකාය මාධ්‍ය වැඩමුළුව
December 12, 2011 1 Commentඅපි පිටත් වුනේ කොළඹින් පාන්දර 4 ට .ගාල්ල වලහන්දුව ජනාධිපති බාලිකා විද්‍යාලයට යද්දී හරියටම උදේ 8 යි.මතක හැටියට අපි හික්කඩුව හරියේදී සිංහ රාජේ හෙව්වා …ආහ්…..ඒ කිව්වේ ආපන ශාලාවක්…..මෝනිස් ආපන ශාලාවත් පහු කරගෙන යද්දී දිල්කා සමන්මලී,තරංග දිනුෂ් එක්ක අපේ ෂෙහාන් මහතා පාර දිගට සිංහ රාජේ හෙව්වා ….ආහ් මේ තියෙන්නේ දිලාන් …..ෂෙහාන් මහතා නිතරම හොඳ ආපන ශාලාවලින් ආහාර ගන්න කෙනෙක් ….ඔයේ කිව්වට අපිත් එහෙම තමයි ….
ඇතුළු වෙන ප්‍රධාන ගේට්ටුව දෙපස අද දෙරණ සහ එෆ් එම දෙරණ රේඩියෝ බලකාය පුවරු පහු කරමින් පාසලට ඇතුළු වෙද්දී ලංකාවේම තරංග පරාස සඳහන් පුවරු එල්ල තිබුන…. [අපි ඒ ටික කලින් දවසේ යැව්වා එකයි ] .
අද දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතා ,අද දෙරණ විධායක වාර්තාකාරිනී,නිවේදිකා දිල්කා සමන්මලී, අද දෙරණ ප්‍රවෘත්ති සංස්කාරක තරංග ජයකොඩි මහතා එක්ක මමත් මේ වැඩමුළුවට සහභාගී වුන. බරණගේ මහතාගේ දේශනයේ සිට අවසාන දේශනය දක්වා විවිධ පාසල් වල ළමුන් ඉතා හොඳින් අපිත් එක්ක වාචික ගනුදෙනුවේ යෙදුන වගේම වේදිකාවට ඇවිත් තමන්ගේ හඬේ හැඩ පෙන්වන්න හොඳ අවස්ථාවක් කරගත්ත.
අපි කියල දුන්නු දේවල් ඔවුන් ක්‍රියාත්මක කරන්න සුදානම් ….
ගාල්ල වලහන්දුව ජනාධිපති බාලිකා විද්‍යාලය සංවිධානය කල දෙරණ මාධ්‍ය වැඩමුළුව ඔබට වැදගත් වුනාද නැද්ද කියල දැනගන්න අපි කැමතියි
හිතෙන දේ ලියන්න
මේ පිටපත මං ලිව්වා තමයි,
ආ …..ඒ විතරක් නෙවේ මට ඕන වෙන වීඩියෝ පට හදල දෙන්නේ අපේ වැඩසටහන් අංශයේ හර්ෂ ප්‍රේමචන්ද්‍ර
පුර්ව ප්‍රචාරක පට වගේම රේඩියෝ බලකාය වැඩසටහන් මට හදල දෙන්නේ මේ වැඩෙත් එක්ක මා එක්ක නිතරම කතා කරන්නේ චරිත හසන්ත
අපිට කතා කරන සියලු පාසල් වලට කතා කරලා වැඩ ටික සැලසුම් කරන්නේ ඒ වගේම මත එක්ක රේඩියෝ බලකාය වැඩසටහන ඉදිරිපත් කරන්නෙත් දිල්රුක්ෂි සෙනෙවිරත්න
නිෂ්පාදක විධායක තරින්ද කසුන් ජයවර්ධන මහතා සහ නාලිකා ප්‍රධානි නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා මේ කර්තව්‍ය පිටිපස්සේ ඉන්න අත්තිවාරම.
මේ ඇති අදට
පිටපත
දිලාන් සේනානායක
එෆ් එම් දෙරණ රේඩියෝ බලකායේ නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන්


