හැමදාම දුකෙන් ඉන්න පූසෙක් දැකලා තියනව ද ?

හැමදාම දුකෙන් ඉන්න පූසෙක් දැකලා තියනව ද ?

0 3402

මේ ඉන්න පූස් පැටියාගේ නම බම් (Bum). මෙයා හැම වෙලෙම ඉන්නෙ හරියට හොල්මනක් දැකලා බය වෙලා වගේ නේ ද? මෙයාව කවුරු හරි බය කරලා ද ? නෑ. එහෙම නෑ. මෙයා කොයිවෙලාවෙත් මේ වගේ තමයි. ඒ කියන්නේ මෙයාට උපතින්ම ලැබිලා තියන පෙනුම මෙන්න මේ වගේ කියන එකයි.

sad-cat-660x400

මෙයාව හම්බුවෙලා තියෙන්නේ San Diego Humane Society කියන සංගමයට. මෙයාවයි මෙයාගේ සහෝදර සහෝදරියන් 4 දෙනෙකුයි බේරාගෙන තියෙන්නේ ඒගොල්ලෝ. ඒ අයට බම් ව හම්බු වුනු වෙලාවේ තේරිලා තියනවා මෙයාගේ මොකක් හරි අමුත්තක් තියනවා කියලා.

Bum දිහා බලන් ඉන්න ඔයගොල්ලොන්ට පේනවා ඇති නේ මෙයාගේ චූටි වපර ගතියක් තියනවා කියලා. ඒ වගේම මෙයා කොයිවෙලාවෙත් දුකෙන් ඉන්නවා වගේ තමයි අනිත් අයට පෙන්නේ.

පින්තුර වල මෙයා දුකෙන් ඉන්නවා වගේ පෙනුනට Humane Society සංගමයේ සාමාජිකයන් නම් කියන්නේ මෙයා ගොඩක් හොඳින් කාලය ගත කරනවා කියලා. මෙයා අනිත් මිනිස්සුත් එක්ක වගේම පූස් යාළුවො එක්කත් ගොඩක් යාලුයි කියලත් එයාලා කියනවා.

මෙයා ඉක්මනට ලොකු වෙනවා ලු. ඒ වගේම හොඳට මොලෙත් තියනවා ලු.

this-is-bum-the-kitten-born-with-forever-worried-eyes-who-already-stole-the-internet-s-heart-02 12555893_442704985927229_1114200709_n 11008255_1021760107853702_1664609602_n this-is-bum-the-kitten-born-with-forever-worried-eyes-who-already-stole-the-internet-s-heart-01 this-is-bum-the-kitten-born-with-forever-worried-eyes-who-already-stole-the-internet-s-heart-06

NO COMMENTS

Leave a Reply

seven − three =