සිය ජංගම දුරකථනය ගෝරිල්ලෙකුට පෙන්වූ තරුණයා

සිය ජංගම දුරකථනය ගෝරිල්ලෙකුට පෙන්වූ තරුණයා

0 5324

සතුන්ටත් හැඟීම් දැනීම් තිබෙනවාද විශේෂයෙන් ගෝරිල්ලන්ට? කාට හෝ ඒ පිළිබඳ සැකයක් ඇත්නම් මේ වීඩියෝව නැරඹුවාට පසුව නම් කවුරුවත් එහෙම අහන එකක් නැහැ. මේ සිදුවීම වාර්තා වෙන්නේ ඇමෙරිකාවේ සත්තු වත්තකින්.

පසුගිය දිනක Louisville සත්වෝද්‍යානය නැරඹීමට ගිය Paul Ross හට අපූරු සිදුවීමක් දක්නට ලැබුණා. එක්තරා තරුණයෙක් ගොරිල්ලෙකු ගේ කූඩුව අසල රැඳී සිටිමින් සිය ජංගම දුරකථනයෙන් යමක් ගෝරිල්ලාට පෙන්වමින් සිටියා. ඔහු එ් පෙන්වමින් සිටියේ වෙනත් ගෝරිල්ලන්ගේ ඡායාරූප කිහිපයක්. එහිදී ගෝරිල්ලාත් ඉතාමත් උනන්දුවෙන් එම ඡායාරූපවලට සිය අවධානය යොමු කරන අන්දම කාටත් දැකගත හැකි වුණා. මෙම සිදුවීම පෝල් විසින් පටිගත කොට එය අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

Western Lowland විශේෂයට අයත් වන මෙම සත්වයා  I.U.C.N වාර්තා අනුව දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයෙන් පැවත එන්නෙක්. නමින් ජෙලනි වන මෙම ගෝරිල්ලා පිළිබඳ සත්වෝද්‍යාන වෙබ් පිටුවේ සුවිශේෂී සටහනක් පවා සටහන් වී තිබෙනවා. එනම් ජෙලනි තනිව වාසය කරන සත්වයෙක් වන අතර ජංගම දුරකථනවලින් ගත් ඡායාරූප හා වීඩියෝ නැරඹීමට වඩාත් කැමැත්තක් දක්වයි යනුවෙනි.

NO COMMENTS

Leave a Reply

1 × 2 =