විනාඩි හතරෙන් ඉතා සමීප බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

විනාඩි හතරෙන් ඉතා සමීප බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

0 5468

තමන් ආදරය කරන සහකරුවා හෝ සහකාරියගේ දෑස දෙස මොහොතක් බලා සිටීම සෑම ආදර කතාවකම දැකගන්න පුළුවන් දෙයක්. නමුත් අපේ එදිනෙදා ජිවිතයේ දී අපි ආදරය කරන පුද්ගලයන් දිහා මේ විදියට බලන් ඉන්නවා කියල කීදෙනෙක් ට කියන්න පුළුවන් ද? ඔබට එවැනි අත්දැකීමක් විඳගැනීමට කාලයක් නොතිබුනේ නම් දැන් එය සිදු කිරීමට කාලයයි.

SoulPancake නම් ප්‍රසිද්ධ youtube චැනලය මගින් මේ සිද්ධාන්තය පරික්ෂා කර බැලීමට අදහස් කරා. එකිනෙකාගේ දෑස දෙස විනාඩි 4ක් බලා සිටීම මගින් ආදරණිය බැඳීම තරවන බව සත්‍යයක් දැයි ඔවුන් පරික්ෂා කර බැලුවා. මේ සඳහා ඔවුන් ජෝඩු 6ක් තෝරාගත්තා. එක් එක් ජෝඩු අතර සබඳතා පැවති කාල විවිධ පරාසයන්ට අයත් විය. මේ අතරට එකිනෙකා නොහඳුනන ජෝඩුවක් ද අයත් විය.

පර්යේෂණය අවසානයේ ලැබුණු ප්‍රතිපල ඉතා රසවත්. ගොඩක් වෙලාවට ප්‍රථිපලය ඉතාමත් සුන්දර වුනේ එතන හිටපු වයසින් වැඩිම ජෝඩුවගේ. ඔබ තුල සැඟවී ඇති ආදරය ඔවුන් සැබවින්ම එලියට අරගනී. ඔබේ ජීවිතයේ ඔබ ආදරය කරන ඔහුගේ හෝ ඇයගේ දෑස දෙස මොහොතක් බලා සිටින්න. මේ සුන්දර අත්දැකීම ඔබටත් විඳගන්න පුළුවන් වෙයි.

උපුටාගැනීම – sira.lk

NO COMMENTS

Leave a Reply

three × 2 =