ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක් සංගීතවත් කල වයසින් ලාබාලතම සංගීතඥයා

ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක් සංගීතවත් කල වයසින් ලාබාලතම සංගීතඥයා

0 15048

දිනේෂ් සුබසිංහ ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාවලියේ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක් සංගීතවත් කල වයසින් ලාබාලතම සංගීතඥයා බවට පත්වේ .ඔහු මේ වන විට සංගීතවත් කර ඇති ටෙලිනාට්‍ය ප්‍රමාණය 75කි . 2003 වසරේ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘හුම්මානේ ටෙලිනාට්‍ය සඳහා පළමු වරට සංගීතය සැපයු ඔහු ඉන්පසුව 2013 වසරේ ජනක චමින්ද අතනයක සහ ගයන් වික්‍රමතිලක අධ්‍යක්ෂණය කල ‘ආත්මා ” ටෙලි නාට්‍ය තුලින් 50 වන නිර්මානය රසිකයාට දායක කල අතර ඉන්පසු 2017 ජනක මල්ලිමාරච්චි අධ්‍යක්ෂණය කරනු ලබන ‘ආදර දඩයම ‘ තම 75 වන සංගීත නිර්මාණය ලෙස ටෙලිනාට්‍ය ඉතිහාසයට එක් කරන ලදී .

දිනේෂ් සංගීතය නිර්මාණය කරනු ලැබූ සුනිල් කොස්තා මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘සිරි සිරිමල් ‘ටෙලි නාට්‍ය සඳහා 2009 වසරේදී සිග්නිස් සම්මානයත් සහ පින්සර දොස්තර ටෙලිනාට්‍යට 2012 වසරේදී සුමති සම්මානයත් ලැබුණි . 2008දී ඔහු සංගීතවත් කල ‘සිහින වසන්තයක්’ ටෙලි නාට්‍ය රසිකයාගේ අතීශය ජනාදරයට පාත්‍ර වුනු නිර්මාණයකි ,ඔහු එම ටෙලි නාට්‍ය සඳහා නිර්මානය කල අමල් පෙරේරා ගායනා කල කැලුම් ශ්‍රීමාල් විසින් රචිත ‘සංසාර පුරුද්දද මේ ‘ ගීතය අතිශයින් ජනප්‍රිය වුනු ගීතයකි .

දිනේෂ් සංගීතවත් කල ටෙලි නාට්‍ය අතර ශෝභා ,අහංකාර නගරේ , ‘අකඩවාරිය’,සබඳ බබානිස් ,බව චක්‍ර ,අයෙමත් ආදරෙන්,,ආත්මා,සිරි සිර්මල් , සිහින වසන්තයක් ,සිහින සොයා ,ෂර්ලොක් හෝම්ස්, සිහින විමන් , එක ගෙයි මිනිස්සු ,සරද සුගතන් ,කිරි පබළු විල ,හිතට වහල් වීමි ,පිනි අග පුලිඟු ,සුබා ,සරා සහ සුබා ,මීදුමෙන් එහා,සමනලුන් පියාඹයි ,මකුළු දැල් ,සුසුමට පවා රහසින් වැනි නිර්මාණ ප්‍රේක්ෂකයින් අතර පැසසුමට පාත්‍ර විය .

සරා සහ සුබා ,බව චක්‍ර සහ පින්සර දොස්තර වැනි නිර්මාණ සඳහා කල තේමා සංගීත නිර්මාණයන්ද පාත්‍ර වර්ගයාගේ පැසසුමට ලක්වුණු නිර්මාන අතර වේ . ඔහු සංගීත නිර්මාණය කල වෘතාන්ත ටෙලිනාට්‍ය ගණන 60කි ,ඒකාංගික ටෙලි නාට්‍ය සහ ටෙලිචිත්‍රපට ප්‍රමාණය 15 වේ.

විටක දේශීය හුරුවක් ඇති අමුතු භාෂාවක ශබ්ධකෝෂයක් ,දේශීය නාද රටාව පිරි තාල තරංග රාමුවත් , විටෙක බටහිර සහ ආසියානු සන්ධවනි සංගීත ආකෘතියක් ,තවත් විටෙක කෙල්ටික් නාද රටාවන් භාවිත කරන මොහු සංගීත සංයෝජනයේදී මිනිස් කට හඬ උපරිම ලෙස භාවිත කර ඇත,එමෙන්ම වයලීනය විවිධ ක්‍රම වලට වයමින් ලාංකීය සමාජය නිර්ර්මන තුල නොඇසූ නාදයන් මොහුගේ පසුබිම් සංගීතයේ දිනේෂ්ගේ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය තුල ස්වභාවිත සංගීතයට වැඩි ඉඩක් ලබා දී ඇති අතර ඉලෙක්ට්‍රොනික් නාද රටා සුක්ෂම ලෙස සංයෝජනය කර ඇති බවත් දක්නට ලැබෙන කරුණකි

ලංකීය කළා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂක වරුන් 41 සහ නිෂ්පාදක වරුන් 57 සමග ටෙලි නාට්‍ය නිර්මාණ කරලියේ සම්බන්ධ වී ඇති මොහු සමග කටයුතු කර ඇති ගේය පද රචකයින් සංක්‍යාව 35කි ,ඒ අතර ප්‍රවීන රචකයින් වන රත්න ශ්‍රී විජේසිංහ ,අජන්තා රණසිංහ ,කපිල කුමාර කාලිංග ,වසන්ත කුමාර කොබවක ,බණ්ඩාර ඇහැලියගොඩ ,කැලුම් ශ්‍රීමාල් ,තාරුකා වාසලමුදලිආරචි ,කුලරත්න ආරියවංශ සහ අමිල තේනුවර වැන්නන් දිනේෂ්ගේ සංගීතය වෙනුවෙන් තම පද රචනා ලබා දී ඇත.

ගීත ගායනයෙන් දීපිකා ප්‍රියදර්ශනී ,අමරසිරි පීරිස් ,නෙලූ අධිකාරි ,උරේෂා රවිහාරි ,කීර්ති පැස්කුවෙල් ,ශානිකා වනිගසේකර ,W .D ආරියසිංහ ,චාමික සිරිමාන්න ,අමල් පෙරේරා ,දුමාල් වර්නකුලසූරිය ,නිරෝෂා විරාජිනී ,කුෂානි සඳරේකා ,බන්දුල විජේවීර ,ඉන්දිකා උපමාලි ,තීක්ෂණ අනුරාධ ,මීනා ප්‍රසාදිනී ,කසුන් ප්‍රිමාල් ,දිනේෂ් තරංග ,ත්‍රිශාලා විජේතුංග ,අර්ජුන රූකාන්ත ,ශානිකා මධුමාලි ,දෙව්මිණි ප්‍රනාන්දු ,ශිවන්ත ප්‍රනාන්දු ,Dee R Cee මෙම්බර්ස් ,ප්‍රබෝධා කාරියකරවන , කසුන් පැස්කුවල් සහ චේතනා රණසිංහ,මාධව සෙනෙවිරත්න ,සේනංග දිසානායක,රහමාන් ඇකඩමිය, අතුල තවත් රැසක් දායක වී තිබේ.

1999 සිට වසර 18 පමණ තිරය පිටු පස ලාංකීය ප්‍රේක්ෂකයා සනසනු වස් ගෙවුණු කාලයේදී තම නිර්මාන වලට අමතරව ඔහු වෙනත් සංගීතඥයින් නිර්මාණය කල නිර්මාණ වෙනුවෙන් තම දායකත්වය දුන් ඔහු සම්පුර්ණයෙන් දායක වී ඇති ටෙලිනාට්‍ය ප්‍රමාණය 146 කි .ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසාන වසර 8 තුල දිනේෂ් එතුමාගේ නිර්ර්මන වලට දැක්වූ සහය සුලු පටු නොවේ,මේ දිනේෂ් සුබසිංහ ලාංකීය ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් දක්වූ දායකත්වය පිළිබඳ සටහනක් පමණි .

ආචාර්ය කේමදාසයන් වැනි සංගීතඥන්ගේ ඇසුරත් විශ්ව කීර්තිධර ඒ.ආර් .රහමන්ගේ සංගීත ඇකඩමියේ දැනුමත් ,දිනේෂ් සතු විශ්ව සංගීතය පිලිඹද ගවේෂණාත්මක අත්දැකීම් ප්‍රමාණයත් ,ආනන්ද දාබරේ ,කලණි පෙරේරා සහ මාර්ක් ඕ කෝනර් වැනි ජාත්‍යන්තර ගුරුවරුන්ගෙන් ලද ශිල්පීය දැනුමත් සමග හෙළ ඉතිහාසය,ලෝක ඉතිහාසය පිළිබඳව දැනුම් සම්බාරයත් ,පරම්පරාවෙන් උරුම වුනු බෞද්ධ ක්‍රිස්තියානි අභාෂයත් මනා ලෙස කැටි කොට ලාංකීය ටෙලි නාට්‍ය කලාවට නව සංගීතමය හඬක් එකතු කල නුතන පරපුරේ අද්විතීය නිර්මාණ කරුවෙක් ලෙස දිනේෂ් සුබසිංහව හුවා දැක්විය හැක

 

IMG_0148 1023 hqdefault 27773_1390006064649_1067019766_1174547_6988161_n IMG_0007 DSC_0163 unnamed

NO COMMENTS

Leave a Reply

15 − twelve =