මෙච්චර සල්ලි තිබිලත් අදටත් ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන එල්ටන් ජොන්

මෙච්චර සල්ලි තිබිලත් අදටත් ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන එල්ටන් ජොන්

0 3184

සුපිරි ගායක එල්ටන් ජෝන් සතුව මිලියන ගණනක වත්කමක් තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඔහු සතුව පවුම් මිලියන 175කට වැඩි වත්කමක් තිබෙන බව හෙළි වී තිබෙනවා. 1998 දී එල්ටන් ජෝන්, බ්‍රිතාන්‍ය මහ රැජන විසින් නයිට් නාමයකින් ද පුදනු ලැබුවා. ඒත් ඔහු තවමත් ජංගම දුරකථනයක් භාවිත කරන්නේ නැතැයි පැවසුවහොත් එය කිසිවකු විශ්වාස කරන එකක් නැහැ. නමුත් එය ඇත්තක්. මේ ධනවත් ගායකයා ළඟ තවමත් ජංගම දුරකථනයක් නැහැ.

“මම හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්නෙ නැහැ. ඒ වෙනුවට ට්විටර් පේජ් එකක් තමයි තියෙන්නෙ. ඒකත් මෙහෙයවන්නෙ මගේ ඔෆිස් එකේ වැඩ කරන අයයි. හැබැයි, මගේ පුතාල දෙන්නත් එක්ක කතාබහ කරන්නෙ ස්කයිප් එකෙන්” එල්ටන් එලෙස පැවසුවා.

එල්ටන්ගේ අලුත්ම ගීත එකතුව නම් කර ඇත්තේ “වන්ඩර්ෆුල් ක්‍රේසි නයිට්” යනුවෙන්. මේ ගීත එකතුව ලබන මස එළි දැක්වීමට නියමිතයි. එල්ටන් මේ දිනවල රෝද පුටුවකට වැටී සිටිනවා. ඒ, මෑතකදී ඔහුගේ දණහිසක ආබාධයක් මතු වී ඇවිදීමට අපහසු වූ නිසයි.

NO COMMENTS

Leave a Reply

four × two =