බල්ගේරියාවේ උපතලද බාබා වන්ගා (නොස්ත‍්‍රදාමුස්) 1996 වර්ෂයේදී මියයන විට ඇයට වයස අවුරුදු 85යි. ඇය විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වූ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප‍්‍රියත්වයක් හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක් ලෙසද හැඳින්වුවා.
 9/11 ප‍්‍රාහරය අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීනේගේ මතුවීම 2014 සුනාමිය සහ ෆුකුශීමා න්‍යෂ්ටික කාන්දුව පිළබඳව මීට අවුරුදු බොහෝ ගණනකට පෙර ඇය අනතුරු අගවා තිබුණු බව ඔබ දන්නවද ? ඒ පිළිබඳව ඇය පලකල අනාවැකි සියල්ලම සැබෑවිය.  2016 වර්ෂයේදී සහ ඉදිරි අවුරුදු කිහිපය තුලදීද සිදුවිය හැකි සිදුවීම් ගණනාවක් පිළිබඳව ඇය අනාවැකි රාශියක් පළකර තිබෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.
2016 සහ ඉන් ඔබ්බට සිදුවිය හැකි බව පැවසු ප‍්‍රධානම අනාවැකි කිහිපයක් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
  • 2016 මුස්ලිම්වරුන් විසින් යුරෝපා මහාද්වීපය ආක‍්‍රමණය කොට එය විනාශයට පත්කරාවි. අවුරුදු ගණනාවක් පුරාවට පවතින විනාශකාරී ආක‍්‍රමණික බලපෑම නිසා එහි ජනගහනය පිරිහී මහාද්වීපය හිස් තැනක් බවට පත්වේවි.
  • 2023 පෘතුවි කක්ෂය වෙනස් වේවි. (මෙහි සැබෑ තේරුම කිසිවෙකුත් දන්නේ නැහැ)
  • 2025 යුරෝපයේ ජනගහනය බින්දුවටම අඩුවෙනවා.
  • 2028 වෙනත් විකල්ප බලශක්ති ප‍්‍රභවයක් සොයාගැනීමේ අරමුණෙන් යුතුව මිනිසා වීනස් වෙත පියාසර කරාවි.
  •  2033 අයිස් ග්ලැසියර් දියවීම නිසා පෘතුවියේ ජල මට්ටම ඉහල යාවි. (මෙය දැනටමත් සිදුවෙමින් පවතී)
  •  2043 යුරෝපය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා පැවති සටන සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන අතර අගනුවර ලෙස රෝමය නම්කරනවා’ ලෝක ආර්ථිකයද මුස්ලිම් වරුන් අතට පත්වෙනවා.
  •  2066 රෝමය මුදවාගෙන නැවත ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචලිත කිරීම සඳහා” ඇමරිකාව විසින් නවතම අවියක් භාවිතා කරනවා. එය කාලගුණය පවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති අවියකි.
  •  2076 යුරෝපයට සහ මුළු ලෝකයටම නැවත කොමියුනිස්ට්වාදය පැමිණෙනවා.
  • 2084 ස්වභාවධර්මය යලි උපත ලබනවා.
  • 2100 මිනිසා විසින් නිෂ්පාදනය කරනලද කෘතීම සුර්යා පෘතුවියේ අඳුරු පැති ආලෝකමත් කරනවා. (වාර්තා වෙන පරිදි න්‍යෂ්ටික සංයෝජන තාක්ෂනය භාවිතා කරමින් කෘතීම සුර්යයෙක් නිර්මාණය කිරීමට 2008 වර්ෂයේ සිට විද්‍යාඥයෝ වෙහෙසෙනවා)
  • 2130 පිටසක්වල ජීවීන්ගේ උපකාරය ඇතිව මුහුදු පතුලේද ජනාවාස ඉදිවෙනවා.
  • 2170 ලෝකයටම බලාපාන විශාල ඉඩෝරයක් ඇතිවෙනවා.
  • 2187 විශාල ගිනිකඳු දෙකක විදාරණය සාර්ථකව නතර වෙනවා.
  • 2201 සුර්යාගේ තාපන්‍යෂ්ටික ක‍්‍රියාවලිය මන්දගාමී වීම නිසා ගෝලීය උෂ්ණත්වය අඩුවෙනවා.
  • 2262 ග‍්‍රහලෝක වල කක්ෂය සෙමින් වෙනස් වෙන අතර වල්ගා තරුවක් නිසා අගහරු ග‍්‍රහයාට විශාල අවදානමක් ඇතිවෙනවා.
  • 2354 කෘතීම සූර්යාගේ සිදුවෙන අනතුරක් නිසා ඉඩෝරය තවත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා.
  • 2480 කෘතීම සූර්යයන් දෙදෙනෙක් එකට ගැටී මුළු ලෝකයම අඳුරු වෙනවා.
  • 3005 අගහරු මත ඇති යුද්ධය නිසා ග‍්‍රහයාගේ පාරාචක‍්‍රය වෙනස් වෙනවා.
  • 3010 චන්ද‍්‍රයා සමග වල්ගාතරුවක් එකට ගැටීම හේතුවෙන්” පෘතුවිය වටේට පාෂාණ සහ අළු වළල්ලක් ඇතිවෙනවා.
  • 3797 මෙම කාලය වන විට පෘතුවිය මත වෙසෙන සෑම කෙනෙක්ම මරණයට පත්වී හමාරයි. කෙසේ වෙතත් වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයකට සංක‍්‍රමණය වීමට තරම් තාක්ෂණික දියුණුවක් එකල ජන සමාජය තුල පවතිනවා.
බාබා වන්ගා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම අනාවැකි පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද ?

NO COMMENTS

Leave a Reply

16 − 13 =