පෝල් වෝකර්ගේ දියණිය කාර් සමාගමකට එරෙහිව නඩු මගට

පෝල් වෝකර්ගේ දියණිය කාර් සමාගමකට එරෙහිව නඩු මගට

0 5050

Fast & Furious චිත‍්‍රපටයෙන් අතිශය ජනප‍්‍රියත්වයට පත් හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර් කැලිෆෝනියාවේදී හදිසි රිය අනතුරකින් සිය ජීවිතයෙන් සමුගත්තේ 2013 වසරේදීයි. අනතුරට හේතුව වූයේ මිතුරෙකු විසින් අධික වේගයෙන් පැදවූ පෝල් වෝකර් ගමන් ගත් Porsche Carrera GT රථය කණුවක ගැටීමෙන් අනතුරුව ගිනි ගැනීමයි. පොලිස් වාර්තාවලට අනුව අනතුර වන මොහොත වන විට මෝටර් රථය පැයට කිලෝමීටර 151 වේගයෙන් ගමන් කොට තිබෙනවා.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් වෝකර්ගේ දියණිය මෙඩෝව් විසින් Porsche මෝටර් රථ සමාගමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සුදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පෝශේ මෝටර් රථ සමාගම මගීන් සඳහා වන ආරක්ෂක පිළිවෙත් නිසි ලෙස අනුගමනය කොට නැති බවට ඇය චෝදනා කරනු ලබනවා. කෙසේ නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් මෝටර් රථ සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.

NO COMMENTS

Leave a Reply

fourteen − 12 =