නළු නිලියන් නොමැති මියුසික් වීඩියෝව‏

නළු නිලියන් නොමැති මියුසික් වීඩියෝව‏

0 8526

සහෘදයා එනවා …

ලොවක් අතින් ගෙන කණාමැදිරි එළියේ ……

සහෘදයා එනවා …

සහෘදයන් යනු හදවත් සමාන වූවන් ය. අර්ථානුකූලව වර්ථමානයේදී සැබැ සහෘදයන් සිටිත්දැයි ප්‍රශ්නයකි. නමුත් මෙලොව එන සෑම මිනිසෙක්ම උපතින් එක හා සමනය. ඉතින් අප සෑම සියලු දෙනාම සහෘදයන් වෙමු. ජාතිය,ආගම,දේශය විශම වුවත් මිනිසුන් සමානය. සංස්කෘතිකාංග පරිහරණයෙන් පසු වෙනස් වුවද මිනිසා එකම සත්වයෙකි.

ඒ පොදු මිනිසා ආමන්ත්‍රණය කරන වෙනස්ම ආකාරයේ ගීතයක් ලෙස “සහෘදයා එනවා”ගීතය හැඳින්විය හැකිය​. රොක් ශෛලියේ ගීතයක් වන මෙහි තනුව හා සංගීතය ජිනිඳු ප්‍රවීන්ගේය. ව්‍යාංගාර්තයෙන් පද සැකසී ඇති මෙහි පද රචනාව ලසිත ජයනෙත්තිආරච්චිගේය. මෙම ගීතයේ සුවිශේෂි වෙනස්කමක් වන්නේ මේ ගීතයේ අනුවාද ( වර්ශන්ස් ) දෙකක් ඇති අතර එහි පිරිමි අනුවාදය ගායනා කරන්නේ ජිනිඳු ප්‍රවීන්‍ ය. එහි කාන්තා හඬින් වන අනුවාදය ගායනා කරන්නෙ නිරෝශා විරාජිනීය. මෙම අනුවාද දෙකම එක් කරමින් “සහෘදයා”ගීතය එලිදක්වා දැනට අවුරුදු දෙකක් වැඩි කාලයක් ගතවී ඇත​.

මෙම ගීතය පිලිබඳ නැවත මාතෘකාව ගොඩනැගීමට හේතුසාධක වූවේ එහි රූප රචනාවයි. මෙහි රූප රචනාව ඉදිරිපත් කෙරුනේ දැනට සති දෙකකට පමන පෙරදීය. මෙම රූප රචනාවේ අධක්‍ෂකවරයා ලක්සිත ප්‍රසාද් වීරසේන වන අතර වෙනස් මාදිලියේ රූප හැසිරවීමක් යොදාගෙන තිබීම සුවිශේෂත්වයකි. මෙහි කිසිදු රංගනයක් අන්තර්ගත නොවන අතර අපට එදිනෙදා හමුවන මිනිසුගේ සාමන්‍ය ජීවිත හැසිරීම් අනුභුතී කොටගෙන ඇත​. රූප රචනාව ඉදිරිපත් කෙරෙන්නේ “සහෘදයා එනවා” ගීතයේ පිරිමි අනුවාදය සඳහා පමනකි. ලාංකීය ගීත ක්‍ෂ්ත්‍රය තුල වර්ථමානයේ අපගේ කනට හුරු කර ඇති,ඇසට හුරු කර ඇති ගීත සහ රූප රචනාවගෙන් වෙන්ව මෙම ගීතය රසවිඳීමට අප ඔබට ආරාධනා කර සිටිමු.

NO COMMENTS

Leave a Reply

12 + 1 =