ට්‍රොන් චිත්‍රපටයේ මෝටර් සයිකලය ඩොලර් 77,000කට අලෙවි වෙලා

ට්‍රොන් චිත්‍රපටයේ මෝටර් සයිකලය ඩොලර් 77,000කට අලෙවි වෙලා

0 3106

2010 වසරේ දී තිරගත වුනු Tron (ට්‍රොන්) කියන චිත්‍රපටය ඕගොල්ලොන්ට මතක ඇති. කොහොම හරි මේ චිත්‍රපටයට පිස්සුවෙන් වගේ ආදරය කරන එක රසිකයෙක් ඩොලර් 77,000ක් ම වියදම් කරලා මේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලය මිලදීගෙන තිබෙනවා. Tron චිත්‍රපටයේ භාවිතා වන මෝටර් බයිසිකලයට බෙහෙවින් සමාන අනුරුවක් මෙලෙස අලෙවි වී තිබෙනවා. අලංකාර විදුලි බුබුළු වලින් සැරසුණු මෙම මෝටර් සයිකලය RM Sotheby සමාගමෙන් ඩොලර් 25,000 ත් 40,000 ත් අතර මුදලකට වෙන්දේසි කිරීම සඳහා සුදානම් කර තිබිණ.

වෙන්දේසියට අදාළ විස්තර වලට අනුව මෙම යතුරු පැදිය වෝල්ට් 96 ක Direct -Drive ඉලෙක්ට්‍රික් මොරටයකින් සහ ලිතියම් බැටරියකින් පනගැන්වෙයි. පරිගණක පද්ධතියකින් ද සමන්විතයි. ඉදිරි සහ පසු පස හයිඩ්‍රෝලීක තිරිංග පද්ධතියකින් ද සමන්විතයි. මෝටර් සයිකල මිලදී ගත් පුද්ගලයා පිළිබඳව එතරම් තොරතුරු හෙළි වී නොමැති බවත් දැනගන්නට ලැබෙනවා.

මෙම මෝටර් රටයේ අසුන අඟල් 28.5ක් පමණ උස වන නිසා ඕනෑම වේගයක දී පහසුවෙන් ධාවනය කල හැකි බවත් දැනගන්නට ලැබෙන අතරම මෙය නිත්‍යානුකුල වාහනයක් බවත් පැවසෙනවා.

උපුටාගැනීම - sira.lk

NO COMMENTS

Leave a Reply

eight − 4 =