ගාගාගේ මඟුල උඩුගුවනේ…..

ගාගාගේ මඟුල උඩුගුවනේ…..

0 2688

ජනප්‍රිය ගායිකා ලේඩි ගාගාට සිය විවාහ මංගල්‍යය අභ්‍යාවකාශයේදී පැවැත්වීමට ආශාවක් පහළ වී ඇති බව වාර්තාවෙයි. වසර 2015 මුල් බාගයේදී සිය පෙම්වතා වන ටේලර් කිනී සමඟ විවාහ වීමට සූදානම් වන ලේඩි  ගාගා එම උත්සවය වර්ජින් ගැලැක්ටික් යානය තුලදී පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

මෙවැනි එක් අභ්‍යාවකාශ සංචාරයක් සඳහා එක් පුද්ගලයෙකුගෙන් අය කරගන්නා මුදල ඇමෙරිකානු ඩොලර් 250,000ක් බව  වාර්තා වෙයි.

අදාළ යානය ලබන වසරේදී පළමු වරට අභ්‍යාවකාශය බලා ගමන් ඇරඹීමට නියමිත අතර එම සංචාරයේදී ගායනයක් ඉදිරිපත් කිරීමට ලේඩි ගාගාට  ආරාධනාවක් ලැබී ඇති බැවින් ඇයට එම මුදල ගෙවීමට සිදුනොවේ.

කෙසේ වෙතත්, සිය පළමු අභ්‍යාවකාශ සංචාරය වඩාත් අර්ථවත් කරගැනීමට සිය විවාහයද එම සංචාරය අතරතුර සිදු කිරීමට ඇය බලාපොරොත්තු වේ.

lady_gaga_oeil_illuminati_7 e050bb024f7c55a693e09c1524ed3a40_large Lady Gaga 2013 lady-gaga-wallpaper-poses-art

NO COMMENTS

Leave a Reply

five × 4 =