ඔරලෝසුවක් නිසා සිරගත වූ දරුවෙක්

ඔරලෝසුවක් නිසා සිරගත වූ දරුවෙක්

0 3710

වයස අවුරුදු 14ක් වන මුස්ලිම් දරුවෙක් තමන්ගේ නවතම නිර්මාණය පාසලට රැගෙන ඒම නිසා ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය දා ඇමරිකාවෙන් වාර්තා වුණා.

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පදිංචි ඔහු නමින් අහමඩ් මොහොමඩ්ය. වයස අවුරුදු 14ක් තරම් වන අහමඩ් ඉගෙනුම ලබන්නේ Dallas උසස් පාසලේ. ඉංජිනේරුවෙකු වීමට සිහින දකින පුංචි අහමඩ් පසුගිය සදුඳා (14) තමන් විසින් නිවසේදී නිර්මාණය කරන ලද ඩිජිටල් ඔරලෝසුව තම පාසලට රැගෙන ආවේ තම ඉංජිනේරු විෂය භාර ගුරුතුමාට එය පෙන්වීම සඳහායි. ඔහුගේ නව නිර්මාණය ගුරුතුමාගේ ඇගයීමට ලක් වූවත් පාසලේ වෙනත් ගුරුවරියක් විසින් එය බෝම්බයක් යැයි වරදවා වටහා ගැනීමත් සමග ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් අහමඩ් මොහොමඩ් පොලිස් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස් කරන ලදි.

_85589317_4163c0e1-3c48-44ab-af0f-c53360632e81

මේ සිදුවීම නිසා ඔහුට දින තුනක පන්ති තහනමක්ද කි‍්‍රයාත්මක වුණ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පාර්ෂවයන් විසින් මුස්ලිම් අන්තවාදය යැයි පවසමින් මුස්ලිම් ජනයාට අසාධාරණ ලෙස සලකන බවට චෝදනාද එල්ල කරන්නටද විය.

ඒත් සමගම ලොව පුරා අවධානය පුංචි අහමඩ්ට යොමු වීමට පටන්ගත් අතර ලොව නන් දෙසින් අහමඩ් මොහොමඩ්ටත් ඔහුගේ නිර්මාණයටත් සුභ පැතුම් ගලා එන්නට විය.

ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා මහතා සිය twitter ගිණුම හරහා අහමඩ් මොහොමඩ්ගේ නිර්මාණයට සිය ප‍්‍රශංසාව පලකර සිටි අතර ඔහුගේ නිර්මාණය ධවල මන්දිරයට රැගෙන ඒමටද ඇරයුම් කරන ලදි. එමෙන්ම Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් ද අහමඩ්ට සිය සුභ පැතුම් සමගින් තම කාර්යාලයට පැමිණීමට ඇරයුම්ද ලැබුණි.

මේ සිද්ධියෙන් පසු පුංචි අහමඩ් මෙම අගනා වැකිය ලෝකයේ ඉන්න සියලුම තරුණ නිර්මාණ කරුවන් වෙත පවසා සිටියා. ” ඔබගේ අරමුණු කරා යන්න. කිසිවෙකුටත් ඔබගේ මග වෙනස් කරන්න ඉඩනොදෙන්න.” (“Go for it,” he said. “Don’t let people change who you are.”)

NO COMMENTS

Leave a Reply

five + one =