අසැබි වචන කියූ රැප් ගායකයා අත්අඩංගුවට

අසැබි වචන කියූ රැප් ගායකයා අත්අඩංගුවට

0 1351

ඉකුත් 03 වන දා ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායක කයිසර් කයිස් අසභ්‍ය වචන කියමින් එම ප්‍රසංගය මෙහෙයවන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙයට දැඩි විරෝධය එල්ල වුණා.

මෙම සිද්ධීය සම්බන්දයෙන් ශ‍්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ මහත්වරු කොහුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත රැප් ගායක කයිසර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කයිසර් නැමැත්තා සමාව අයදිමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් කර තිබු අයුරු.

cwscf

NO COMMENTS

Leave a Reply

1 × four =