අවතැන් ජනයාගේ කුසගිනි නිවන්න මනුසත් දෙරණට සහයවන්න

අවතැන් ජනයාගේ කුසගිනි නිවන්න මනුසත් දෙරණට සහයවන්න

0 6555

මොහොතක් සවන් යොමු කරන්න

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව අවතැන් කඳවුරුවල සිටින ජනතාවට බෙදාදීම සඳහා පිසූ ආහාර ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩපිළිවෙළක් ස්ථාන කිහිපයකදී හෙට (20) සිදු කිරීමට මනුසත් දෙරණ කටයුතු යොදා තිබේ.

ඔබ රැකියාව සඳහා කොළඹට දුම්රියෙන් හෝ බස් රථයෙන් පැමිණෙන අයෙක්ද?

එසේනම්,

හෙට උදෑසන කාර්යාලයට පැමිණෙන විට ඔබේ කෑම පාර්සලයට අමතරව තවත් කෑම පාර්සලයක් රැගෙන එන ලෙස මනුසත් දෙරණ අපි ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඔබේ එම කෑම පාර්සලය ගංවතුරින් අසරණ වූ ජනතාවගේ දිවා ආහාරය සඳහා ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

එකතු කිරීමේ මධ්‍යස්ථාන

කොටුව දුම්රියපළ ඉදිරිපිට

මරදාන දුම්රියපළ ඉදිරිපිට

මහලේකම් කාර්යාල දුම්රියපළ ඉදිරිපිට

බම්බලපිටිය දුම්රියපළ ඉදිරිපිට

කොටුව බෝගහ අසළ බස් නැවතුම්පළ

කොටුව ප්‍රධාන බස් නැවතුම්පළ අසළ

ඔබ ඉහත ස්ථානයන්ට පෙර දුම්රියෙන් හෝ බසයෙන් බැස යන්නේ නම් එම කෑම පාර්සලය හිතවතෙකු අතේ හෝ එවීමට කාරුණික වන්න.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු 077 070 10 10 – 011 5 300 700 දුරකථන අංක ඇමතීමෙන් ද ලබා ගත හැකිය.

තවද ගංවතුරින් විපතට පත් ජනතාව සඳහා ඔබට මුදලින් ආධාර කළ හැකි නම් එම ආධාර බැර කිරීමට http://www.derana.lk/manusathderana/donation/ ඔස්සේ පිවිසිය හැකිය.

NO COMMENTS

Leave a Reply

four × five =