අංශක 360°ක වීඩියෝ දැන් Facebook එකෙනුත් බලන්න පුලුවන්…

අංශක 360°ක වීඩියෝ දැන් Facebook එකෙනුත් බලන්න පුලුවන්…

0 3157

Facebook සමාජ ජාල ගිණුම් හිමියන්ට නවතම අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාවක් දැන් හිමි වී තිබෙනවා. එනම් Facebook සමාජ ජාලය මඟින් පලමුවරට අංශක 360ක පරාසයකින් යුත් වීඩියෝ පට නැරඹීමේ පහසුකම සපයා ඇති බවට ආයතනය මඟින් ඊයේ (23) දින ප‍්‍රකාශයට පත් කලා. ඒ අනුව අංශක 360ක පරාසයකින් යුත් වීඩියෝ අන්තර්ජාලය,Facebook’s iOS හා ඇන්ඩ්‍රොයිඩ් ඇප් මඟින් නැරඹීමේ හැකියාව ඉදිරියේදී ඔබට සැලසෙනු ඇත.

එමෙන්ම Facebook හරහා ඔබ නරඹන මෙම වීඩියෝවල දිශානතිය වෙනස් කිරීමට අවශ්‍ය වූ විට වීඩියෝව නරඹන්නේ පරිඝනක තිරයේ බ‍්‍රවුසරයෙන් නම් කර්සරය ඩ‍්‍රැග් කිරීමෙන් හෝ තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් නම් දුරකථනය වෙනස් දිශාවන්ට හැරවීමෙන් එය සිදුකිරීමේ හැකියාව ඇත.

දැනට Facebook මඟින් තෝරාගත් ආයතන කිහිපයක් (Disney, Lucasfilm, GoPro, Vice and Saturday Night Live) සමඟ හවුල් වී ඔවුන් විසින් එළිදක්වන අංශක 360ක පරාසයකින් යුත් වීඩියෝපට පමණක් නැරඹීමේ හැකියාව Facebook ගිණුම් හිමියන්ට ලැබුණත් ඉදිරියේදි මේ අවස්ථාව පුළුල් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

ඒ අනුව අනාගතයේදී ඔබගේ මිතුරෙක් ගිය විනෝද චාරිකාවක අංශක 360ක පරාසයකින් යුත් වීඩියෝපටයක් Facebook හරහා නරඹන ගමන් ඔබටත් එම වටපිටාවේම සැරිසරනවා වැනි අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

සියලුම වීඩියෝ මෙතැනින් >>> 360 Videos on Facebook

NO COMMENTS

Leave a Reply

fifteen + five =